දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන

දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (27) පැවැසීය.

එමෙන්ම රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාවට වහාම එම ස්ථානවලින් ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව, නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැද දුම්බර, ගඟබඩ කෝරළය, උඩුදුම්බර දොළුව, යටි නුවර, උඩ පළාත, පාත හේවාහැට, දෙල්තොට, පාතදුම්බර යන ප්‍ර දේශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව කෝරළේ, රත්තොට, නාවුල, උකුවෙළ යන ප්‍රදේශවලටත්, නුවරඑළිය දිස්ක්‍රික්කයේ වළපනේ ප්‍රදේශයටත් රතු නිවේදන නිකුත් කර ඇති බව ද තල්දූව මහතා පැවැසීය.

එම ප්‍රදේශ වල ජනතාව ඉතා ඉක්මනින් එම ස්ථානවලින් ඉවත්වීම වැදගත් වන අතර ඔවුන් ඉවත් කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශීය කාර්යාලවල නිලධාරීන් සම්බන්ධීකරණය කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.