අම්පාර ට්‍රැක්ටර් රථ අනතුරෙන් අතුරුදන් වූ එක් සිසුවෙකුගේ සිරුර හමුවෙයි
අම්පාර – මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.
ඊයේ සවස නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් කාර්තිව් බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි පාලම අසලින් පෙරළී තිබුණි.
එම ට්‍රැක්ටරයේ ළමුන් 11 දෙනෙක්, රියදුරා සහ තවත් අයෙක් ගමන්කරමින් සිට ඇති අතර ජලයට වැටුණු ළමයි 5 දෙනෙක් අසල සිටි පිරිස් විසින් බේරාගෙන ඇත.
ඉන් අතුරුදන්ව සිටි එක් ළමයෙකුගේ සිරුරක් ඒ අනුව අද සොයාගෙන ඇති අතර අනෙක් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.