බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල කාණුවක කාන්තා මළ සිරුරක්

බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල කාණුවක කාන්තා මළ සිරුරක්

බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ ඇති කාණුවක තිබී කාන්තා මළ සිරුරක් අද (27) උදෑසන හමුවූ බව බදුල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇති කාන්තාව බදුල්ල නගරයේ සිටි වයස අවුරුදු 55 ක් පමණ වන දේවි නමින් හදුන්වන යාචක කාන්තාවක් බවට හදුනාගෙන ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇයගේ මරණයට හේතුව අණාවරණය වී නොමැති අතර මේ පිලිබඳව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට නියමිතය.

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල මුලස්ථාන පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය සදහන් කළේය.