වාහන ආනයනය සිදුවෙන්නේ මෙහෙමයි
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
විදේශ විනිමය සීමාවන්ට යටත්ව එම අවසරය ලබා දෙන බවද අමාත්‍යවරයා කීය.
ප්‍රමුඛතා මත සලකා බලා වාහන ගෙන්වීම සඳහා ක්‍රම ක්‍රමයෙන් අවසර ලබාදෙන බව කී අමාත්‍යවරයා ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙලට හානියක් නොවන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව සඳහන් කළේය.
මේ වන විට රටේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4ක් මට්ටමකට පැමිණ තිබෙන බව කී අමාත්‍යවරයා ඒ නිසා එකවර මෙම වැඩපිළිවෙළ අතහැර ස්ථාවරභාවය කඩා බිඳ දමන්නට නොහැකි යැයි පැවසීය.
ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්රණයට ක්‍රියාත්මක වෙන්න ඉඩහරින බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසීය.