ජනපතිට චීනයේ නිල සංචාරයකට එන්නැයි ආරාධනාවක්

ජනපතිට චීනයේ නිල සංචාරයකට එන්නැයි ආරාධනාවක්

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මෙරට චීන තානාපති කාර්යාලයෙන් අදාළ ආරාධනය ලැබී තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔහු පැවසුවේ ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේ පමණ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බවයි.