නිවසක පැතිබැම්මක් කඩා වැටී කාන්තාවක් මරුට
ධාරානිපාත වර්ෂාවක් සමග අද 26 උදෑසන බණ්ඩාරවල බිදුනුවැව ජනාදර මාවත ප්‍රදේශයේ නිවසක පැතිබැම්මක් කඩා වැටී ඊට යටවූ පනස් නවය හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවල බිඳුනු වැව ප්‍රදීපා රත්නායක නමැති 59 හැවිරිදි කාන්තාවකි.
මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
උදෑසන නිවසේ නිදා සිටි අවස්ථාවේ පැති බැම්මක් නිවස මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කළා.
මේ අතර බදුල්ල නෙළුම් වැව ප්‍රදේශයේ නිවසක පිටුපස වේල්ලක් කඩා වැටී එම නිවසේ සිටි එකම පවුලේ හතර දෙනකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ වන විට පවතින යහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි බලයද ඇනහිට ඇති බවත් මාර්ග රැසක් පස් කඳු හා ගස් කඩා වැටී අවහිර වී ඇති අතර ඒවා පිළිසකර කිරීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.