බදුලු දුම්රිය නානුඔය දක්වා පමණයි
පවතින අයහපත් කාලගුණයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා ස්ථාන කිහිපයකින්ම දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩා වැටිම හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන මගි ප්රවාහන දුම්රියන් (26) දින නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවන බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.
නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවන දුම්රියන් ආපසු හරවා කොළඹ දක්වා ධාවනය කිරිමටත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන කිසිදු මගි ප්රවාහන දුම්රියක් අද (26) දින ධාවනය නොකල බවත් එම නිලධාරියා කියා සිටියේ.