ඩීසල් නැව් 4 ක් මිලදී ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට

ඩීසල් නැව් 4 ක් මිලදී ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4 ක් මිලදී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024-12-15 සිට 2025-06-14 දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) නැව් තොග 4 ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.

ඒ අනුව, ලංසුකරුවන් 6 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ බිබී එර්නර්ජි (ඒශියා) ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.