උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම් දීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ළගම ඇති විභාග මධ්‍යස්ථානයට යන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතැම් විභාග මධ්‍යස්ථාන වෙත ළගාවීම අපහසු වී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.