ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩො. මි. 200ක ණයක්
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර තිබේ.
එමගින් විදුලිය සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීමට සැලසුම් කෙරේ.
නිවාස සඳහා විදුලිබලය සැපයීම 100% කර ගැනීමට ශ්‍රී ලංකාව 2016 වසරේදී සමත්විය.
එසේම මෙරට විදුලිබල ඉල්ලුම 2023 වසරේදී උපරිමය වාර්තාකළ අතර එය මෙගාවොට් 2800කි. ඒ සඳහා පුනර්ජනනීය බලශක්තියෙන්ද සැලකිය යුතු දායකත්වයක් ලැබුණි.
එය 2030 වනවිට සැලකිය යුතු ලෙස වර්ධනය වෙතැයි අනුමාන කෙරේ.
2023 දී මෙරට විදුලිබල උත්පාදනයට 50%ක පමණ දායකත්වයක් ලබාදී තිබුණේ තාප බලාගාර මගිනි.
නව ව්‍යාපෘති ඔස්සේ විදුලිබල උත්පාදනයට පුනර්ජනනීය මූලාශ්‍ර ඔස්සේ ලැබෙන දායකත්වය වර්ධනය කිරීමට සැලසුම් කර ඇත.