UNPය නගා සිටුවන්න ආ අරටුවේ පිරිසකට රවීගේ ලේකම්ගෙන් ප්රහාරයක්
එක්සත් ජාතික පක්ෂයේ අරටුව සංවිධානය එක්සත් ජාතික පක්ෂය නැවත නඟා සිටුවීම පිණිස සංදේශයක් භාරදීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.
මෙම සංදේශය හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට භාරදීමට පැමිණියද, රනිල් වික්රමසිංහ මහතා මේ වනවිට විදේශගතවී සිටිම නිසා එය බාරදිමට නොහැකි වි තිබුණා.
කෙසේ වෙතත් මෙම පිරිස සිරිකොත පක්ෂ මූලස්ථානය අසලින් පිටව යෑමට සුදානම්විමේ දී රවි කරුණානායක මහතාගේ ලේකම් යැයි පවසමින් රන්දික නැමැති පුද්ගලයෙක් මෝටර් රථයකින් පැමිණ පහර දුන් බවට සංදේශය භාරදීමට පැමිණි අරටුව සංවිධානයේ පිරිස පවසනවා.