රුහුණු සරසවියේ වැඩ වර්ජනය සිව්වන දිනටත්
රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් පසුගිය 19 වනදා මෙම වර්ජනය ආරම්භ කළහ.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තාවකාලිකව හෝ එම ධූරයෙන් ඉවත්කරන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කරයි.