හරීන් CIDයට

හරීන් CIDයට

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

ඔහු ඇතුළු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේදී පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඊයේ දිනයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

ඒ හේතුවෙනුයි හිටපු අමාත්‍යවරයා අද එම දෙපාර්තමේන්තුවට පැමිණියේ.