මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බූස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් අද උදෑසන ධාවනය වන අනෙකුත් කාර්යාල දුම්රියන් ද ප්රමාද විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.