ගෞතම් අදානිට අධිචෝදනා ගොනුකෙරේ
ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනු කර තිබේ.
අදානී ග්‍රීන් එනර්ජි සමාගමේ විධායකයන් ලෙස කටයුතු කරන අදානිගේ බෑණනුවන් වන සගාර් සහ නීත් ජායින්ට ද චෝදනා ගොනු කර ඇතැයි පැවැසෙයි. ඒ, 2020 සහ 2024 අතර කාලය තුළ ඩොලර් මිලියන 250 කට වඩා අල්ලස් වශයෙන් ඩොලර් මිලියන 2 ක මුදලක් ලබා දී, සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙනි.