ලොහාන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට දින දෙයි

ලොහාන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට දින දෙයි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමට විරෝධතා ගොනු කිරිමට අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබාදුන්නා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ෂංක බන්දුල කරුණාරත්න සහ ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම අද (19) කැඳවනු ලැබුවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවට අදාල විරෝධතා ගොනුකිරිම සඳහා සති 4 ක කාලයක් ලබාදෙන ලෙසයි.

එම ඉල්ලිමට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා විරෝධතාව පල පලකළා.

ඒ සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසද ඉල්ලිමත් සමග නොවැම්බර් 29 වනදාට පෙර විරෝධතා ගොනුකරන ලෙසයි නියෝග කෙරුණේ.

මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබි ලියාපදිංචි නොකළ වාහනයක් සොයාගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා .