නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10ට මෙම රැස්වීම පැවැත්වේ.

නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන් අතර, ඊට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත්ය.

මේ අතර නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා (21) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇති බවයි, වාර්තා වන්නේ.