අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා.
මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු ඉකුත් ඔක්තෝම්බර් 10 වනදා දිවුරුම් දී තිබුණා.
ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක්.
1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වී ඇති අතර 1997 වසරේදී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබෙනවා.
ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක්.