මල්ලීගේ පොලු පහරින් අයියා මරුට

මල්ලීගේ පොලු පහරින් අයියා මරුට

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සාලියවැව පළුගස්සේගම පදිංචි තිදරු පියකු වු රාජපක්ෂගේ උදිත රාජපක්ෂ නැමති 35 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වු සිව්දරු පියා හා ඔහුගේ සොහොයුරා හා මිතුරකු සමඟ නිවසේ සාදයක් පවත්වාගෙන ඇති අතර එහිදි සොහොයුරන් දෙදෙනා අතර දුරකථනයක් සම්බන්ධන ආරවුලක් ඇතිවි ඇති බවත් එහිදි බහින් බස් විමක් සිදුව ඇති බවද කියයි.

පසුව ඔවුන් එකිනෙකාට දොස් තබා ගෙන ඇති බවත් ඒ සමගම මල්ලි යැයි කියන තැනැත්තා විසින් වැඩිමල් සොහොයුරාට පොලු පහරක් එල්ල කර තිබු බව පොලිසිය කියයි.