මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27ක්, කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයට අයත්, මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

මැතිවරණ ජංගම සංචාර රාජකාරියේ නිරතව සිටි කල්පිටිය පොලිසියේ නිළධාරීන් පිරිසකට ඊයේ (14) රාත්‍රී මෙම මත් කරල් තොගය සොයාගැනීමට හැකිව ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් පිළිබදව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලීසිය පවසයි.

ගෝනි 27 තුළ මෙම මත්කරල් 442,060 සංඛ්‍යාවක් වූ අතර එහි දළ වටිනාකම කෝටි දහයකට අධික බව පොලීසිය සඳහන් කරයි.