හෝමාගම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදිය පොලිස් භාරයට
හෝමාගම ප්‍රදේශයේ දී තරුණයෙකු T-56 අවියකින් වෙඩිතබා පලායාමේ සිදු වීමට අදාලව වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි,විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම පොලිස් වසමේ හෝමාගම ආසිරි මාවතේ දී වැටලීමක් සිදු කර තිබෙනවා.
එහි දී 2024.11.13 වන දින හෝමාගම පොලිස් වසමේ අංක 533/2, සිල්වඩෝරින්වත්ත, රෝහල පාර, හෝමාගම දරණ ලිපිනයේ පදිංචිව සිටි කේ.බී. අසෝක චාමින්ද යන අයට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් T-56 අවියකින් වෙඩිතබා පලා යාමේ සිදුවීමට අදාලව වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය හා සැකකරුවන් පැලඳගෙන පැමිණි හිස්වැසුමක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.