සමාජ මාධ්‍ය හා කෙටි පණිවිඩ ඡන්ද ප්‍රචාර කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණයට
හෙට (14) දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිහඬ කාලය තුළ විදත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය සහ කෙටි පණිවිඩ ඔස්සේ ද මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කළ නොහැකි බවත් සමාජ මාධ්‍ය හා කෙටි පණිවුඩ ඔස්සේ සිදුකරන ප්‍රචාර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමු කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.
මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බැවින් මේ වනවිට පවතින්නේ නිහඬ කාලය බවත් එස් එම් එස් කෙටි පණිවුඩ ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය උදෙසා සිදුකරන කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත් හෙතෙම පැවසීය.
මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති මැතිවරණ පැමිණිලි නිරීක්ෂණ මධ්‍යස්ථානය, සමාජ මාධ්‍ය හැසිරීම නිරීක්ෂණය කරන බව සඳහන් කළ ඒ මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද, ඒ සඳහා වැඩපිළිවෙළක් යොදා ඇති බව ද සඳහන් කළේය.
මෙම ක්‍රියාකාරකම් ඝෘජුව පාලනය කිරීම අපහසු බව පෙන්වා දුන් ඒ මහතා, සමාජ මාධ්‍ය යම් මට්ටමකට පාලනය කළ හැකි බවත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ විදේශීය රටවලින් බවත් පෙන්වා දුන්නේය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව සඳහන් කළේ හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.
ඡන්දය යනු පුරවැසියාගේ අයිතියක් බැවින් එම අයිතිය නිදහස් හා සාධාරණ ලෙස ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් සියලු කටයුතු මැතිවරණ කොමිෂන් සභාව හා ආරක්ෂක අංශ ඇතුළු අදාළ ආයතන විසින් ලබාදී ඇති බවත් මෙවර මැතිවරණය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් සියලුදෙනාගේම සහාය අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.
එමෙන්ම මැතිවරණ රාජකාරි සඳහා පත්වීම් ලබා ඇති සියලුම නිලධාරීන්ට එම පත්වීම් වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට හැකියාවක් නැති බවත්, මැතිවරණ රාජකාරියට වාර්තා නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සභාපතිවරයා පැවසීය.
එබැවින් මැතිවරණ රාජකාරි සඳහා පත්වීම් ලබා ඇති සියලුම නිලධාරීන් නියමිත දිනයේදී තමාට ලබා දී ඇති නියමිත ස්ථානයට රාජකාරි සඳහා වාර්තා කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා :
“14 වැනිදා පවත්වන මහමැතිවරණය සම්බන්ධයෙන් ඡන්ද දායකයන්ට වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණයි. මැතිවරණ රාජකාරිවලට යන නිලධාරීන්ටත් මෙම තොරතුරු වැදගත්. මැතිවරණ රාජකාරි වෙනුවෙන් පත්වීම් ලබාදී සියලුම නිලධාරීන් මැතිවරණ රාජකාරියට වාර්තා කළ යුතුයි. නියමිත දිනයේදී නියමිත ස්ථානයට වාර්තා කළ යුතුයි. එම පත්වීම් වෙනස් කරන්නට හෝ අවලංගු කිරීමට කිසිදු හැකියාවක් නැහැ. රාජකාරියට වාර්තා නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.
මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලද ඡන්ද දායකයන්ට අදාළ තැපැල් කාර්යාලවලින් මේ සම්බන්ධයෙන් විමසීම් සිදුකළ හැකියි. අවශ්‍යනම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පැමිණ නිල ඡන්ද පත්‍රකාව බාගත කළ හැකියි. නිල ඡන්ද පත්‍රිකාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනිවාර්ය සහතිකයක් නෙවෙයි. නිල ඡන්ද පත්‍රිකාව නොමැතිව වුණත් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.