යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් අකුණුසැර වැදී මරුට

යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් අකුණුසැර වැදී මරුට

ඊයේ (07) සවස එරාවුර් ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු අතුරින් එක් අයෙක් මියගොස් තිබේ.

අකුණු සැර වැදීමෙන් පසුපැදිකරු මියගොස් ඇති අතර යතුරුපැදිකරුට සිද්ධියෙන් තුවාල සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වන්තාරුමුලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයන් දෙදෙනා උප්පෝදය ප්‍රදේශයේ වෙල්යායක සිට යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.