ඡන්දෙට පාසල් වැසෙන්නේ මෙහෙමයි

ඡන්දෙට පාසල් වැසෙන්නේ මෙහෙමයි

එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13 වැනි බදාදා සිට දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙසේ නිවාඩු ලබා දී ඇති අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලු දෙනා දැනුවත්කර ඇති බවයි, එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 12 වැනි දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිත අතර නැවත පාසල් ආරම්භ වෙන්නේ නොවැම්බර් 18 සඳුදා දිනයේයි.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.