සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපතිට භාරදෙයි
පාරිභෝගික කටයුතු අධිකාරිය සහල් සහ වී තොග සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ.
වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත එම සහල් තොග පිළිබඳ විශේෂ සංගණනය සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබුණි.