ගජ මුතු දෙකක් සමග විහාරස්ථානයක හිමි නමක් අත්අඩංගුවට
මහනුවර ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් විසින් රු ලක්ෂ 40 ක් පමණ වටිනා ගජ මුතු දෙකක් විකිණීමට උත්සහ කිරිමේදී එම හිමිනම අත්අඩංගුවට ගැනීමට මධ්‍යම වනජීවී කලාප කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන ඇත.
එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ගජ මුතු දෙකක් රු ලක්ෂ 40 ක මුදලකට අලෙවි කිරිමට සුදානම් වන බවට ලද තොරතුරක් මත වනජීවී නිලධාරින් උපාය දුතයෙකු යොදාගෙන පෙරේදා (05) දින සිදු කල මෙහෙයුමකදී ගජ මුතු දෙක සහ සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සැකකාර හිමිනම ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ සහ සහකාර අධ්‍යක්ෂක මධ්‍යම, ප්රසාන්ත විමලදාස යන මහතුන්ගේ උපදෙස් පරිදි මධ්‍යම වනජීවී කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක කැළුම් පතිරණ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලීම සිදු කර ගජ මුතු දෙක සහ සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන ඇත.