හිටපු නියෝජ්ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
හිටපු නියෝජ්ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය නියම කර තිබු සිරදඬුවමක් අභියාචනාධිකරණය විසින් ද තහවුරු කර තිබෙනවා.
රැකියාවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 50000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට හිටපු නියෝජ්ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා වරදකරු කර තිබුණා.
ඒ කොළඹ මහාධිකරණය මගිනුයි.
ඔහුට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කිරීමටයි එහිදී නියම කර තිබුණේ.
අදාළ දඬුවමෙන් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශාන්ත ප්‍රේමරත්න මහතා අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.
එය ප්‍රතික්ෂේප කරමිනුයි අභියාචනාධිකරණය මගින්ද එම දඩුවම තහවුරු කර තිබෙන්නේ.