පොඩි ලැසීගේ ගිනිඅවි ළඟ තබා ගත් හමුදා සෙබලෙක් අත්අඩංගුවට
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග තබා ගත් යුද හමුදා හිටපු සෙබලෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය කොතලාවල ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි යුද හමුදා සේවයෙන් විශ්රාමලත් පුද්ගලයකු බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු සන්තකයේ තිබී AK47 ගිනි අවියක් ඒ සදහා භාවිතා කරන ජීව උණ්ඩ 25 ක්, මැගසින් 01 ක්, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි 01 යි , 9mm ජීව උණ්ඩ 07 ක් , එම මැගසිනයක්, කඩු 02 ක් සහ රම්බො පිහියක් අත්අඩංගුවට ගෙන ඇත.
කිසියම් අපරාදයක් කිරීම සඳහා සැකකරු මෙලෙස ගිනිඅවි, කඩු සහ කිණිස්සක්ද සමගින් සැරසෙමින් සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.