ඩග්ලස් ජනපතිට හේත්තු වෙයි
මහ මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර තිබේ.
එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පවසුවේ, මේ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා කළ බවයි.
එමෙන්ම, දැනට අතරමග නතර වී ඇති උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විසි පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද හෙතෙම කියා සිටියේය.
අදාළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද ඔහු පැවසීය.
ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු හා ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩසටහන් යළි ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.