ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව සභාපති වරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව සභාපති වරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබෙනවා.

එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් වන ආචාර්ය මොතිලාල් මහතා විදෙස් රටවල් කිහිපයක ද සේවය කර ඇති අයෙක්.

ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා තිබෙනවා.