ශ්‍රී ලංකාව හොංකොං සික්සර්ස් අවසන් මහ තරගයට
හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.
ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය කඩුලු 3කින් පරාජය කරමිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 6 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා ගත්තේය.
සුපිරි පන්දු යැවීමේදී තරිදු රත්නායක කඩුලු 4ක් දවාගත්තේය.
ලකුණු 104ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ සදුන් වීරක්කොඩි නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේය.
ඒ අනුව හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදින් වන්නේ පාකිස්තාන කණ්ඩායමයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය අද පස්වරු 2.15 ට ආරම්භ වීමට නියමිතය.