ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කෙරේ
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, රුපියල් 377 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි.
රුපියල් 319 ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 313කි.
කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
මේ අතර ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව ඔවුන්ගේ ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර ඇත.