ඉදිරි ආණ්ඩුවේ ඇමතිවරුන්ට කොළඹින් ගෙවල් නෑ

ඉදිරි ආණ්ඩුවේ ඇමතිවරුන්ට කොළඹින් ගෙවල් නෑ

ඉදිරි ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයෙකුට කොළඹින් නිවාස ලබා දීමට රජය කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනතාවට සේවය කිරීම සඳහා අමාත්‍යවරුන් ඔවුන්ට සමීප විය යුතුය යන අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවයි. ජනාධිපතිවරයා පැවසුවේ.

මාතර පැවැති ජන රැළියකට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අමාත්‍යවරුන් කොළඹ සිට කටයුතු කරනවාට වඩා ප්‍රාදේශියව ජනතාව සමග කටයුතු කිරීම වැදගත් බවයි.

“අපට අවශ්‍ය වන්නේ ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වන පාලනයක්. ඔහු අවධාරණය කළේ නායකයන් දුරස්ථව සිටීම වෙනුවට ප්‍රාදේශීය ගැටලු විසඳීමට තම දිස්ත්‍රික්කවල කටයුතු කළයුතු බවයි.

නොවැම්බර් 14 න් පසු නව කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, බිම් මට්ටමේ ගැටළු විසඳීමට කැප වූ “ජන නායකයන්” වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.