දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 30 වන බදාදා
රාහු කාලය
11:54 am – 1:23 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
නිරිත
මේෂ
රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි. තරමක් වධ දුන් ප්‍රශ්නයක් සාධාරණව විසඳේ. ලිපි ලේඛනවලින් ජය ගෙනදෙයි. නව නිර්මාණකරණයට ශුභයි. හදිසි ධනලාභ ද ලබයි. ශිරෝගත රෝග මතු කරයි.
Date: 2024-10-30
වෘෂභ
අවිවේකී බවක් ගෙන දෙයි. තරමක් ක්‍රියාකාරකම් බහුල වෙයි. ඇසුර නිසා නොසිතූ ගැටලුවකට මුහුණ දීමට සිදුවෙයි. ආගමික භක්තිය ඇතිවෙයි. තම ඥාතීන් සමග සුහදතාව වර්ධනය කරයි. සෙම් කෝප රෝග මතුවේ.
Date: 2024-10-30
මිථුන
ක්‍රියාකාරකම් බහුලයි. තම බලාපොරොත්තු අරමුණු තරමක් ජයගනී. නීතිමය ගැටලුවකින් ජය ලබයි. මෙදින ණය ගනුදෙනු ශුභවාදී නොවේ. ඇසුරු කරන්නන් නිසා සිත් චංචල කරවයි. සන්ධි රෝග, ඉදිමුම් රෝග දේ.
Date: 2024-10-30
කටක
රැකියාවේ ගැටලු මතු කරයි. වාද විවාද ශුභවාදී නොවේ. හැම ඥාතීන් නිසා වැය පස ඉහළ යයි. අවිවේකය ද මතු කරයි. සතුරන් දමනය වෙයි. අලුත් වැඩ ඇරඹීමට ශුභයි. හදිසි ලාභ දෙයි. මුත්‍රා ආසාදන මතු කරයි.
Date: 2024-10-30
සිංහ
තරමක් ශුභ ඵල මතු කරයි. උනන්දුවකින් රැකියාවල යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුරු බලපෑම් එල්ල වෙයි. ලිපි ලේඛනවලින් ජයග්‍රහණ ලබයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් ආසාදන රෝග සාදයි.
Date: 2024-10-30
කන්‍යා
ශුභවාදී ඵල මතු කරයි. දුර ගමන් යෙදේ. තම අභිමත කරුණු ජය ගනී. සතුරු බලපෑම් ඉවත් වෙයි. තම වටිනාකම ඇසුරු කරන්නන් අතර ප්‍රචලිත වෙයි. විනෝදජනක ක්‍රියාවල යෙදේ. සිරසගත රෝගවලට හේතුයි.
Date: 2024-10-30
තුලා
ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. කෙටි ගමන් බහුල වෙයි. ගමන්වලදී ප්‍රවේශම මැනවි. ලිපි ලේඛනවලින් ජය ලබන අතර නව නිපැයුම් ඇරඹීමට හේතුයි. හදිසි ධන වාසනා ලාභ ගෙනදෙයි. අභ්‍යන්තර ඉන්ද්රියන්හි රෝග මතු කරයි.
Date: 2024-10-30
වෘශ්චික
ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. සුහදතාව වර්ධන කටයුතු දියත් කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කටයුතු කරයි. ශරීර සෞඛ්‍ය තරමක් දුර්වල වීමෙන් පීඩා මතු කරයි.
Date: 2024-10-30
ධනු
තරමක් කලබලකාරී ගති මතු කරයි. විනෝද ගමන්, ආගමික ගමන් වැනි දේවල් යෙදේ. පුදපූජා කිරීම්වල යෙදෙන අතර ඒ සඳහා මිල මුදල් වැය කරයි. සන්සුන් සිතුවිලි මත දවස ගෙවෙයි. අක්ෂි රෝග, මුඛ රෝග මතු කරයි.
Date: 2024-10-30
මකර
ගමන් බිමන් බහුල වෙයි. ආගමික උත්සව සංවිධානය හේතුයි. දාන ශීලාදී ගුණ දහම්වල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් එවැනි දේ සඳහා යොමු කරවයි. සුළු සුළු ගමන් බිමන් යෙදේ. ආමාශගත රෝග මතු කරයි.
Date: 2024-10-30
කුම්භ
දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. ආගමික උත්සවවලට සහභාගි වෙයි. දහමට මිල මුදල් වැය කරයි. ප්‍රීති සාද වැනි දේ සඳහා ද යොමු වෙයි. සෙම් කෝප, කාය රෝග සාදයි.
Date: 2024-10-30
මීන
සුළු සුළු ගමන් බිමන් යෙදේ. ආගමික වතාවත්වල යෙදේ. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ප්‍රීති උත්සව, සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගවලට හේතුයි.
Date: 2024-10-30