ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ එක්ස් ගිණුම අත්හිටුවයි

ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ එක්ස් ගිණුම අත්හිටුවයි

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ ‘එක්ස්’ ගිණුම අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු විසින් හීබෲ භාෂාවෙන් පළ කරන ලද සටහන් හේතුවෙන් ඔහුගේ එක්ස් ගිණුම මෙලෙස අත්හිටුවා ඇති බවයි, වාර්තා වන්නේ.

අල් කමේනි විසින් ඔහුගේ එක්ස් ගිණුමේ බොහෝ විට ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබලව භාෂාව භාවිත කරමින් අදහස් පළකරනු ලබයි.

මෑතක දී ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමෙන් පැය කිහිපයකට පසු ඔහුගේ එක්ස් ගිණුම අත්හිටුවා ඇති බවයි වාර්තා වුණේ.