මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්
පානදුර දුම්රිය සථානයෙන් අද (28) පෙරවරු 9.15 ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්ව තිබේ.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව, එක මාර්ගයක පමණක් දුම්රිය ධාවන වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්රමාද වන බවත් පීලි පැනීමට ලක්වූ දුම්රිය පීළිගත කිරීම ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.