උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි අරඹයි
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ලබන සඳුදා (28) සිට යළි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනූව, ලබන සඳුදා සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර “යාල්දේවී” දුම්රිය සහ අනුරාධපුර සහ බෙලිඅත්ත අතර “රජරට රැජිණ” දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.