ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩට
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (25) වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා (23) නියෝග කළා.
ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් යැයි සැලකෙන අධි සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථයක් කොළඹ පිහිටි තරු පහේ හෝටල් පරිශ්‍රයක රථ ගාලේ නවතා තිබියදී සොයාගැනීමත් සමගයි.
මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව උසාවි නියෝග ප්‍රකාරව අත්අඩංගුවට ගෙන; ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කෙරුණේ.
මේ අතර අද දහවල් හිටපු අමාත්‍යවරයාව බැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද පැමිණියා.