කෝටි 18කට අධික සහල් තොගයක් වසර 6ක් තිස්සේ රේගුවේ පුස් කන්න ඇරලා

කෝටි 18කට අධික සහල් තොගයක් වසර 6ක් තිස්සේ රේගුවේ පුස් කන්න ඇරලා

මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅටකෝටි හැටලක්ෂ,පනස්අටදහස්,නවසිය විසිදෙකක් වටිනා සහල් සහිත බාහලුම් 53ක් දැනට  වසර හයක පමණ කාලයක සිය රේගුවේ රදවාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

පාරිභෝගික සේවා අධිකාරිය මගින් පළකරන ලද ගැසැට් පත්‍රයක් හේතුවෙන් මෙම සහල් සත්ව ආහාර වශයෙන් යොදා ගැනිමට ද නොහැකි තත්ත්වයක් උද්ගත ඇති අතර රේගු ආඥා පනතේ  විධිවිධානයන්ට අනුගතවිය යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබේ.

මේ පිළිබද ශ්‍රිලංකා රේගුවේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ සහල් සහිත බාහලුම් 53ක් 2019 වර්ෂයේ සිට නිදහස් කිරිමට නොහැකිවි ඇත්තේ එම බහාලුම් සමග ආනයනය කරණු ලැබු වෙනත් සහල් අඩංගු බාහලුම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් පැවතිම නිසා බවය.