කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

මුහුණු ආවරණය කරගත් තිදෙනකු අද (25) අළුයම නිවසක දොරක් කඩා නිවසට ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි.

පානදුර මාදුපිටිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනකු මෙසේ පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බව සදහන් වේ.

මත්කුඩු ජාවරමක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකපල කරයි.

කාන්තාවන් දෙදෙනා අත්පා වලට සිදුවූ තුවාල සහිතව පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.