ඩොලරයේ අගය ඉහළට

ඩොලරයේ අගය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.0.375 අගයකින් සහ විකිණුම් මිල රු.0.484 අගයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.00ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.11ක් ලෙස දැක්වේ.

අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 289.25 – රු. 297.25

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 285.66 – රු. 298.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.75 – රු. 296.75

සෙලාන් බැංකුව – රු. 289.35 – රු. 296.85

කොමර්ෂල් බැංකුව – රු. 287.79 – රු. 297.50

අමානා බැංකුව – රු. 291.30 – රු.296.30