ඩයනාගේ හොර පාස් පෝට් නඩුවේ අද දුන් නියෝගය
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව රහස් පොලිසිය විසින් පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය පෙබරවාරි 06 වැනි දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) නියෝග කළේය.
නඩුවේ සාක්ෂි විභාගය අද දිනට නියම කර තිබූ අතර ඩයනා ගමගේ මහත්මියගේ නීතිඥවරයා අසනීප වීම හේතුවෙන් වෙනත් දිනයක් ලබා දෙන ලෙසට විත්තිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙසේ නඩු විභාගය කල් තැබීමට නියෝග කළේය.
වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මිය හා සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.