ටාසන් දිවිසැරිය නිමා කරයි
ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රොන් එලී මිය යන විට 86 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ දියණිය ඊයේ (23) මෙම පුවත තහවුරු කර ඇති අතර, ඔහු මිය ගියේ කෙසේද සහ කවදාද යන්න ඇය සඳහන් කර නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ටාසන් කතා මාලාව 1966 වසරේ සිට 1968 වසර දක්වා NBC රූපවාහිනී ජාලයේ විකාශය වී තිබෙනවා.
ටාසන් කතාංගය ඇතුළු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ රොන් එලී 2001 වසරේ දී සිය රංගන දිවියෙන් විශ්‍රාම ගත් අතර පසුව ඔහු කතුවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
රූගත කිරීම් අතරතුර ඔහු සතුන්ගේ ප්‍රහාර වලට මෙන්ම විවිධ අනතුරු වලට ද ලක්වු බවයි වාර්තා වන්නේ.
South Pacific (1958), The Fiend Who Walked the West (1958) සහ The Remarkable Mr Pennypacker (1959) වැනි චිත්‍රපටවල සහාය චරිත නිරූපණය කිරීමෙන් පසුව ඔහු ටාසන්ගේ චරිතයට රංගනයෙන් දායක වී තිබෙනවා.
රොන් එලී සිය ජීවිත කාලය පුරා නළුවෙක්, ලේඛකයෙක්, පුහුණුකරුවෙක්, උපදේශකයෙක් ලෙස කටයුතු කර දැවැන්ත චරිතයක් හිමි අයෙකි.