මෙරට බටහිර සහ නැගෙනහිර වෙරළ තීරයන්ගෙන් ඉවත් වන්නැයි ඊශ්‍රායලයෙන් සිය වැසියන්ට දැනුම් දීමක්

මෙරට බටහිර සහ නැගෙනහිර වෙරළ තීරයන්ගෙන් ඉවත් වන්නැයි ඊශ්‍රායලයෙන් සිය වැසියන්ට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් ට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය අද (23) විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ ත්‍රස්ත ප්‍රහාරක් සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකාවේ සමහර සංචාරක ප්‍රදේශ වලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්දී ඇති බවයි.

ඒ අනුව කිසියම් ප්‍රහාරයක තර්ජන හේතු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් සහ දිවයිනේ දකුණේ සහ බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස‍යි ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය සිය ජාතිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

“මෙම ප්‍රදේශ වලින් පිටව යන අයට රට හැර යාමට උපදෙස් දෙන අතර, නැතහොත් අවම වශයෙන් ප්‍රාදේශීය ආරක්ෂක හමුදාවන් ඉහළ මට්ටමක සිටින කොළඹ අගනුවරට යන ලෙස” ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය සිය ජාතිකයන්ට නිවේදනයක් මගින් දැනුම් දෙනවා.