මත්ස්‍යයෙකුගේ පහර දීමෙන් සර්ෆර් ක්‍රීඩිකාවක් ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් (Surfer) (දියමත ලිස්සා යාමේ) ක්‍රීඩාවේ යෙදෙමින් සිටි ඉතාලි ජාතික කාන්තාවක් තියුණු මත්ස්‍යයෙකුගේ පහර දීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Giulia Manfrini නම් 36 හැවිරිදි ඇය දුරස්ථ දූපත් දාමයක් වන Mentawai දූපත්වල ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති වන්නේ.
ඇයට පහර දුන් මත්ස්‍යා ‘swordfish’ ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වෛද්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ මෙම පහර දීමෙන් ඇයගේ පපුවේ ඉහළ වම් කොටසේ සෙන්ටිමීටර පහක් පමණ ගැඹුරට තුවාල සිදුව ඇති බවයි.