නිවසක් කොල්ල කෑමට පැමිණි අයෙක් ගෙහිමියා මරා කෙසෙල් පඳුරක හංගලා

නිවසක් කොල්ල කෑමට පැමිණි අයෙක් ගෙහිමියා මරා කෙසෙල් පඳුරක හංගලා

නිවසක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු නිවෙස් හිමියා ඝාතනය කර මළසිරුර කෙසෙල් පදුරක් අස්සේ සගවා නිවසේ රූපවාහිනී යන්ත්‍රය , ගෑස් සිලින්ඩරය සහ ගෑස් ලිප සොරකම් කර පලාගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර මිනුවන්පිටිය, ගජබා මාවතේ පදිංචිව සිටී ජුවන්දර කංකානම්ගේ දෝන ඩීමන් ජයරත්න නමැති 77 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කීය.

මියගොස් ඇති පුද්ගලයා පෞද්ගලික ආයතනයක සේවය කර  බිරිඳ සමග විවේකීව නිවසේ රැදී සිට ඇති අතර බිරිඳ ඊයේ (21)  නිවස අසල රැකියාවට ගොස් නැවත පැමිණීමේදී සැමියා නිවසේ නොමැති බව දැන පානදුර දකුණ පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිසිය විසින් ඊයේ (21) නිවස පරීක්ෂා කර ඇති අතර , ඊයේ දිනද පොලිස් නිළධාරීන් පරීක්ෂා කිරීමේදී ගෙවත්තේ කෙසෙල් පදුරක් අස්සේ සගවා තිබූ මළසිරුර හමුවූ බව පොලිසිය කීය.

පානදුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.