මහනුවර ප්‍රදේශ දෙකක නාඳුනන මළ සිරුරු දෙකක්

මහනුවර ප්‍රදේශ දෙකක නාඳුනන මළ සිරුරු දෙකක්

මහනුවර පොලිස් බල ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇති බව පොලිසිය කියයි .

මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ සුවිස් හෝටලය ඉදිරිපිට වැවේ තරුණ කාන්තාවකගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන අතර එහි අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නමැති පොලිසිය පවසයි.

පේරාදෙණිය පාරේ ප්‍රිම්රෝස් උද්‍යානය පහළ කොටසේ අතුරු පාරක මියගොස් සිටින තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද ඇති අතර එම මළ සිරුරේ අනන්‍යතාවයද මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය කියයි .