ගම්පහ ජනතාවට විශේෂ දැනුම්දීමක්

ගම්පහ ජනතාවට විශේෂ දැනුම්දීමක්

චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (22) දහවල් 12 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වත්තල, මාබෝල, ජාඇළ, කටුනායක, සීදුව යන නගර සභා බලප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ, කටාන, මිනුවන්ගොඩ, යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිබේ.

මෙය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇති අතර අද (22) දහවල් 12 දක්වා ජල සැපයුමට බාධා ඇතිවන බවයි, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ.

එබැවින් ජලය අරපරිස්සමින් පාවිච්චි කරන ලෙස පාරිභෝගිකයින්ට ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

COMMENTS