සැකසහිත ජීප් රථයක් ගෝනවලින් හමුවෙයි

සැකසහිත ජීප් රථයක් ගෝනවලින් හමුවෙයි

සැකසහිත සුඛෝපභෝගී ජීප් රථයක් කැලණිය ගෝනවල පාර ප්‍රදේශයේ කිසියම් පුද්ගලයකු දමා ගොස් තිබියදී අද(20)වැනි දා සොයාගත් බව කැලණිය පොලිසිය පවසයි.

එම ජීප් රථයේ දොරෙහි ගිනි අවියක් සගවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත. ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු ස්ථානයට පැමිණ ස්ථාන පරීක්ෂණය ද සිදු කළහ.

කැලණිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවප්‍රිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.