නිවසට පහර දුන්නාට කිසිම සමාවක් නෑ – නෙදන්යාහු

නිවසට පහර දුන්නාට කිසිම සමාවක් නෑ – නෙදන්යාහු

තම පෞද්ගලික නිවසට පහර දී, තමා සහ බිරිඳ ඝාතනය කිරීමට හිස්බුල්ලා සටන්කාමීන් උත්සහ ගැනීම බරපතල වරදක් බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පෙන්වා දෙයි.

හිස්බුල්ලා සටන්කාමීන්ට කිසිදු සමාවක් නොලැබෙන බව ද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ සිසේරියා පළාතේ පිහිටි ඔහුගේ නිවසට හිස්බුල්ලා සටන්කාමීන්, ප්‍රහාරයක් සඳහා පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානයන් එවීම හේතුවෙනි

හිස්බුල්ලා සංවිධානය එම ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හෝ පවුලේ සාමාජිකයින් නිවසේ සිට තිබුණේ නැත.

එම අවස්ථාවේ ම ලෙබනනයේ සිට ඊශ්‍රායලයට තවත් ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර තිබුණි.

ඊට ප්‍රතිප්‍රහාර ලෙස ලෙබනන අගනුවරට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර 12ක් පමණ එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තමන්ට, තම පවුලේ සාමාජිකයන්ට හෝ ඊශ්‍රායල වැසියන්ට අනතුරක් කිරීමට උත්සාහ ගන්නා ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.